Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

ආයුබෝවන්!

අපේ බ්ලොග් අඩවිය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමූ,
         
   ගල්ඔය සංවර්ධන සැලස්මට අනුව 1969 වර්ෂයේ ජුනි 1 දින සද්ධාතිස්ස කණිෂ්ට විද්‍යාලය ලෙස ආරම්භ කර ඇති පාසල අද වන විට 1AB පසලක් ලෙස උසස් කර ඇත්තේ උසස් පෙළ සදහා විද්‍යා විෂය අංශය ද ආරම්භ කර ඇති බැවිනි. කාන්තා සමිති ශාලා ගොඩනැගිල්ලකින් ආරම්භ කර ඇති පාසල අද වන විට භෞතික සම්පත් රාශියක් සහිත පාසලක් බවට පත්ව තිබීම සතුටට කරුණකි.
    සියලු දේම රජයෙන් අපේක්ෂා නොකර සද්ධාතිස්ස මහා විද්‍යාලය ගොඩනැගිලි ජල කුළුණු ක්‍රීඩා මණ්ඩප සෞනදර්ය පන්ති කාමර ආපන ශාලාව දර්ශනීය ආරක්ෂක වැට ප්‍රධාන පිවිසුම ආදි නොයෙක් අංග සංවර්ධනය වුයේ දරුවන් දෙමාපියන් ගුරුවරුන් හා සුභපතන්නන් සියල්ලන්ගේ මනා සබැදියාවනි.
   තුරුලතා මල්ගොමු ආදියෙන් අලංකාර වු කදිමට ඉගෙනුමට සරිලන වටපිටාවක් සහිත තොතැන්ක් වු විද්‍යාල භුමිය තුළ තව දුරටත් ගොඩ නැගිය යුතු භෞතික සම්පත් බොහෝ වේ. කෙලි බිම දික්විජය කරන්නටත් නැටුමෙන් ගැයුමෙන් සමස්ථ ලංකා කරළියේ ජයකෙහෙලි නංවන්නටත් ජාතික විභාග වලින් උසස් ප්‍රතිපල පෙන්වන්නටත් හැකිවී ඇත. අම්පාර අධ්‍යාපන කලාපයේ නගරයේ පාසල් අතරින් ජනප්‍රිය පාසලක් බවට පත්ව පාසල තුළ මේ වන විට ලමුන් දෙදහසකට ආසන්න ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය හදාරමින් සිටී. විදුහල්පති තුමා ඇතුලු හැත්තෑවකට වැඩි ගුරු පිරිසක් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතව සිටින අතර පාසල අංග සම්පුර්ණ පාසලක් බවට පත් කර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායිතතාවය වැඩි කොට නැණවත් ගුණවත් සිසු පිරිසක් බිහි කිරීම පාසලේ එකම අභිප්‍රාය වන්නේය. 


අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය - අම්පාර



We are looking for external link here

ශ්‍රි ලංකාවේ වැදගත් වෙබ් අඩවි

Department of Examinations
Ministry of Education
Eastern Provincial Council
Government of Sri lanka