Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

18 September, 2016

පිංඩපාත වැඩීම

පිංඩපාත වැඩීම
                                    කළගුණ සැලකීම බෞද්ධයන් වන අපට මැනවින් වටහා දුන්නේ බුදුරජාණන් වහන්සේය. ඒ උන්වහන්සේ බුද්ධත්වයට පත්ව ගෙවුණු දෙවන සතියේදී තමන්හට ජීවිතය යනු කුමක්දැයි වටහා ගැනීමට සෙවන ලබා දෙමින් පිහිට වු ඇසතු රුක්ෂයට කළගුණ සැලකීමෙන්ය. (අනිමිස ලෝචන පුජාව) ඒ අනුව යමින් බෞද්ධ වත්පිළිවෙත් ගුරුතැන්හිලා කටයුතු කරන අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලයේ දු දරුවන් ද කළගුණ සැලකීමේ උත්සවයක් විද්‍යාල භුමියේදී අන් අයටද ආදර්ශයක් ලබා දෙමින් පැවත්වී ය. ඒ තම විද්‍යාලයේ තමන්ට අකුරු කියවු සිංහල විෂයභාර ගුරුතුමා නිවාසාන්තර  ක්‍රිඩා උත්සවයේ වොලිබෝල් තරග පවත්වන අවස්ථාවේ ක්‍රීඩකයින් දිරිගැන්වමින් සිටියදී රෝගී තත්ත්වයට පත්ව මිය යාම හේතුවෙනි. 16 දින ධර්ම දේශනයක් පවත්වා 17 දින  පිංඩපාත චාරිකවක් සංවිධානය කර භික්ෂුන් වහන්සේ උදෙසා හීල දානය පිරිනැමීමක් සිදුකරනු ලැබීය. පාසල් භුමියට වැඩි භිකුෂුන් වහන්සේලාට දරු දැරියන් පෙළ ගැසී දානය පිළිගන්වන අයුරු කාගෙත් ප්‍රසංසාවට ලක්වු අතර එම අවස්ථාව ඡායාරුපයේ වේ.  


වෙසක් පොහොය දිනය

වෙසක් පොහොය දිනය
 වෙසක් පොහොය දින රාත්‍රි කාලයේ පාසලේ සියලුම ගුරු සිසුන් එකතු වී පාසල ආලෝකයෙන් බබළ වන ලදී.




නිර්මාණ

නුඟ වැල් පොල්තෙල් පහන

13 ‍ශ්‍රේණියේ සිසුන් විසින් නුඟ වැල් භාවිතා කර ඉතාමත් අලංකාර ලෙස තාත්වික ආකාරයට මෙම පොල්තෙල් පහන නිර්මාණය කර ඇත...