slideshow
නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.
21 September, 2016
ශිෂ්‍යනායක අයදුම්පත්
අම්
සද්ධාතිස්ස මහා විද්‍යාලය අම්පාර
ශිෂ්‍ය
නායක අයදුම් පත්‍රය 2015
- සම්පුර්ණ නම.
- ඉගෙනුම ලබන ශ්‍රේණිය.
- පාසලට ඇතුලත් වු වර්ෂය, මාසය, දිනය.
- පෞද්ගලික ලිපිනය.
- තොරතුරු දැන ගැනීමට දුරකතන අංකයක්.
- මව / පියා හෝ භාරකරු පිළිබද විස්තර
- ස්ත්‍රී පුරුෂභාවය.
- නිවසේ සිට පාසලට ඇති දුර.
- පාසලට පැමිණෙන ආකාරය.
- පාසලේ දැරු නායකත්වයන්.
- බාහිර සමාජය තුළ දැරු නායකත්වයන්.
- වෙනත් හැකියාවන්.
මා විසින් සදහන් කර
ඇති සියලු තෙරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරමි. එම තොරතුරු අසත්‍ය වුවහොත් මා
තනතුරට පත් වුවද ඕනෑම වෙලාවක විදුහල්පති තුමා ඇතුලු ශිෂ්‍ය නායක මණ්ඩලය භාර
ගුරුභවතුන් විසින් ලබා දෙන තීරණයකට යටත් වන බවත්, තනතුරේ සහ පාසලේ ගෞරවය ආරක්ෂා වන
පරිදි ඉහත පාසලේ කීර්තිය උදෙසා නායකයෙකු ලෙස මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු
කරන බව මෙයින් ප්‍රකාශ කර සිටිමි.
දිනය
.............................. අයදුම්
කරුගේ අත්සන ................................................
අදාල
අංශයේනිර්දේශය................................................................................................................
ශිෂ්‍ය
නායක මණ්ඩලනිර්දේශය....................................................................................................
දිවුරුම
ප්‍රතිඥාව
අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන
ශිෂ්‍ය යෙකු හා ශිෂ්‍යාවක වු මා අද දින සිට විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ශිෂ්‍ය
නායකයෙකු ශිෂ්‍යනායිකාවක ලෙස කටයුතු කරන බවටත් සද්ධාතිස්ස විදු මාතාවගේ අකලංක
භාවයත් පවිත්‍රතාවයත් වඩ වඩාත් සුරක්ෂිත කරන බවටත් පාසල් මාතාවගේ සුභ සිද්ධිය
උදෙසා සිදුකෙරෙන සෑම කාර්යයකදීම නොපසුබටවත් විනය ගරුකවත් එම කාර්ය සිදුකරන බවටත්
මහා සංඝරත්නයටත් විදුහල්පතති තුමා ඇතුලු ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මව්
දෙමව්පියන්ටත් ගරුබුහුමන් දක්වමින් ඔවුන්ගේ අවවාද අනුශාසනා පිළිගනිමින් පාසල් නීති
මාලාව කඩ නොකරමින් ගුරු සිසු සැමගේ ප්‍රසාදය දිනා ගනිමින් ඉතා ආකර්ශවත් ලෙස විනය
ගරුකවත් නීති ගරුකවත් කටයුතු කරන බවටත් පාසල් මාතාවගේ කීර්ති නාමය ශ්‍රී
ලංකාවේ සකල ස්ථානයන්හි ප්‍රතිරාව නංවන
බවටත් මා සිදුකරන සෑම කාර්යයක්ම ස්ථානෝචිතවත් ප්‍රඥාගෝචරවත් සිදු කරන බවටත් මේ සැම
ඉදිරියේ මෙසේ දිවුරා ප්‍රතිඥා දෙමි.
විදුහල්පති තුමාගේ පණිවිඩය
විදුහල්පති තුමාගේ පණිවිඩය

වර්තමාන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව දරුවන් තුළ නිපුණතා ඔප්නංවාලමින් ජාතික පොදු අරමුණු සාක්ෂාත් වන පරිදි පාසලේ සිසු දරුවන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය නිසි ලෙස හසුරවමින් "සොදුරු නිර්මාණශීලි දරුවන් දායාද කිරීම මාගේ වෑයමයි".මේ සදහා අවැසි පහසුකම් සලසමින් අවශ්‍ය මඟ පෙන්වීම හා සැලසුම් සකස් කර දරුවන් පූර්ණ පෞරුෂත්වයට බලපාන ශිෂ්‍ය සංවර්ධන විෂය සමගාමී,විෂය බාහිර ක්‍රියාකාරකම්,ගුරු සංවර්ධන වැඩසටහන් දියත් කරමින් 21 වන සියවසට ගැලපෙන දුවා දරුවන් බිහි කිරීම අපගේ බලාපොරොත්තුවයි.හුදෙක් ගොවි ජනතාවගේ දුවා දරුවන් අධ්‍යාපනය ලබන දිගාමඩුල්ලේ ජනප්‍රියතම පාසල බවට අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලය රැගෙනයාම මාගේ අභිප්‍රායයි.
Subscribe to:
Posts (Atom)