Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

07 September, 2016

අපේ ගමන

අපේ ගමන

“නව ලොවට සොදුරු නිර්මාශීලී දූ පුතුන් අපෙන්"යන දැක්ම සමගින් අනාගත පරපුරේ නැණස පාදා යහපත් රටක් සමාජයක් ගොඩනගන්නට වෑයම් දරණ විධිමත් අධ්‍යාපන ආයතනයක් ලෙස සද්ධාතිසස්ස මහා විද්‍යාලය අද දවසේ පෙර ගමන් අරඹා ඇත.පාසල ඇරඹු දා පටන් විවිධ අභියෝග ජය ගනිමින් අද දවස වන විට අප විද්‍යාලය අම්පාර අධ්‍යාපන කලාපයේ ජනප්‍රිය පාසලක් බවට පත්ව ඇත.විද්‍යාලයේ ගුණාත්මක මෙන්ම  භෞතික දියුණුව ජය ගැනුමට සැකසූ සුවිශේෂි සැලසුම් රාශියකි.ජාතික අධ්‍යාපන අරමුණු කරා ලගාවීම එහි අපේක්ෂාවයි.

                    අනුරාධපුර රාජමසමයට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පුරාවිද්‍යා නටබුන් පවතින භූමියක පාසල පිහිටා තිබීම විදුහල් නාමයේ ඓතිහාසික බව ස්පුට කෙරෙනු ඇත.කාන්තා සමිති ශාලාවකින් ඇරඹී විද්‍යාලය ගොඩනැගිලි රාශියක් සහිත සමාන්තර ශ්‍රේණි හතරකින් යුතු එක ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා වර්තමානය වන විට පංති අරඹා ඇත.ප්‍රාථමික අංශයේ අධ්‍යාපන තත්ත්වයන් සතුටුදායක මට්ටමක පැවතීම නිසා ප්‍රෙද්ශයේ දෙමාපියන් අතර ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා දැඩි උණන්දුවක් පවති.1 සී පාසලක් ලෙසින් මෑතක් වනතුරු පැවති අප විද්‍යාලය උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ කිරීමත් සමගම 1 ඒබී පාසලක් ලෙස උසස් විය.කලා,වානිජ අංශයන් ද කළෙක පටන් ආරම්භ කර ඇත.එම අංශ සදහා ද තරගකාරි බව ඇති වෙමින් පවතී.ළමුන් සිමිත පිරිසකින් ඇරඹි එම පංති කාමර වල ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වී ඇත.එම අංශයන් හි වර්ථමානයේ ඇති ඉලක්කය වන්නේ විභාගය සමත් කරවීම නොව සරසවි ප්‍රවේශ සංඛ්‍යාව වැඩි කිරීමය.ඒ සඳහා සැලසුම් කළ ව්‍යාපෘති යෝජනා ගණනාවකි.පියවරෙන් පියවර එම ව්‍යාපෘති ක්‍රියාත්මක නරමිව් සාර්ථක අසාර්ථකත්වය අවස්ථා ගණනකදී මාණනය කර ඇත.ඒ අනුව ප්‍රගතියක් දැකිය හැකි තත්ත්වයක් වේ.වාර්ෂිකව සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන ශිෂ්‍ය ප්‍රමාණයෙන් සියයට පනහකට අඩු වැඩි වශයෙන් ප්‍රතිශත ප්‍රමාණයක් සමත් වේ. මෙම ප්‍රමාණය සියයට 75 දක්වා කෙටි කලක් තුළ ඉහල නංවා ගැනුමට ඉලක්ක ගත ඉගැනුම් ක්‍රියාවලියක් සැලසුම් කර ඇත.6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා පංති කාමර වල ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහන් රාශියක්වේ.විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් ළමුන්ගේ විෂය ලකුණු ඉහළ නැංවීම සදහා බාහිර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරේ.ළමුන්ගේ තරඟකාරිත්වය ඇති කිරීමට වාර විභාගයයේ ලකුණු ලබාගත් සිසු සිසුවියන් කණ්ඩායම් දෙකක් වශයෙන් යොමු කොට ඉගැන්වීම් ආරම්බ කර ඇත.
                                                                                       පාසල් පංති කාමරයට අමතරව දරු දැරියන්ගේ ඉගැන්වීම් කටයුතු වල නැඹුරුතාවය වර්ධනය කිරීමට නිවසේදී සිදුකරනු ලබන පාඩම් කටයුතු වල තොරතුරු දෙමාපියන්ගේ අත්සනින් ලිඛිතව ලබා ගැනීමට කටයුතු කර ඇත.ඒ මගින් ළමුන් නිවසේදි අධ්‍යාපන කටයුතුහි නිරතවීමේ නැඹුරුතාවයක් වන බව දෙමාපියෝ ද පවසති.වර්ෂයකට එක් ශ්‍රේණියකදී අමතර පොත් 25 ක් අනිවාර්යෙන්ම කියවිය යුතු වැඩසටහනක්ද ක්‍රියාත්මක වෙමින් පවතී.වාරයකට එක් වරක් ලෙස සංවිධානය කළ පංති කව පැවැත්වමින් දෙමාපියන් සමඟ ළමුන්ගේ විෂය සාධන මට්ටම් සහ විනය පිළිබඳ සාකච්ඡා පවත්වා දරු දැරියන් ගුණගරුක පිරිසක් බවට පත් කිරීමට වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.
                                                                       සමස්ථයක් ලෙස පාසල තුළ කළහකාරි බව සහ ගෝෂාකාරි බවක් දැකිය හැක.ඒ සඳහා විසදුක් ලෙසින් සිසු දරුදැරියන්ගේ විවේක සහ විනෝද කාලය අර්ථවත්ව ගත කරීමට වැඩසටහන් කිහිපයක්ම මධ්‍යකාලීන සංවර්ධන සැලැස්මට ඇතුලත් කිරීමට පියවර ගැණිනි.නාට්‍ය,ගීත,කවි,චිත්‍රපට,සාහිත්‍ය විචාර,ක්‍රීඩා,අධ්‍යාපන චාරිකා,ක්ෂේත්‍ර චාරිකා,විවිධ සංගම් ඒ අතර ප්‍රධාන වේ.
                නගරයේ පාසල් අතරින් වැඩි ශිෂ්‍ය ප්‍රමාණයක් පාසලේ ඉගෙනුම ලැබුවත් අධ්‍යාපනයට සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා ඇත්තේ උදාසීන බවකි.ඒ සඳහා බලපාන ගැටළු කිහිපයක්වේ.පවුල් පරිසරයත් අධ්‍යාපන මට්යමත් විශේෂ වේ.බහුතරයක් දෙමාපියන් එදිනෙදා ජීවිකාව කරමින් ජීවත් වන අතර එම තත්ත්වය තුළ දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට දක්වන මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බව හදුනාගෙන ඇත.බොහෝ දෙනෙකු පුද්ගලික පංති සදහා සහභාලි වන අතර එයද විලාසිතාවක් බවට පත්ව ඇත.බොහෝ දෙමාපියන් සිතන්නේ තම දරුවන්හට උපරිමයෙන් උගන්වන බවකි.දරුවාට අවශ්‍ය වී ඇත්තේ ඉගෙනීමට නොව තමන්ට ඇති හොදම ඇදුම් ටික ඇද යහළුවන් අතර කැපී පෙනෙන්නටය.එහිදී සිදුකරන විවිධ ඇදුම් මෝස්තර හා කොණ්ඩා මෝස්තර පාසල තුළටද එකතු කිරීමට ළමුන් උත්සහ ගන්නා බවක් දැකිය හැක.මේ සම්බන්ධව පාසලේ නීති රීති සහ සම්ප්‍රදායන් ක්‍රියාත්මක කිරීමේදී විවිධ ප්‍රශ්නාකාරි තත්ත්වයන් මතුවන අතර බොහෝ දුෂ්කරතා මධ්‍යයේ එම ගැටළු අවම කර ගැනීමට කටයුතු ක්‍රියාත්මක කර ඇත.
                                                                         නගරයේ පාසල් අතරින් සංවර්ධනය කිරීමට ප්‍රමාණවත් භූමියක් සහිත පාසලක් වීම සුවිශේෂි වන අතර ඒ සදහා මූලික සැලස්මක් සකසා ගැනීමද වැදගත්ම කාර්යයක් වී ඇත.ඉගෙනුම් සංස්කෘතියක් සහිත පාසල් පරිසරයක් බවට පත් කිරීම මගින්,මධ්‍යකාලීන පෙරළුම් සැලැස්මට අනුව 2020 වර්ෂය වන විට පාසල ජනප්‍රිය පාසල් පද්ධතියට එකතුවන පාසලක් බවට පත් කිරිම අපගේ අරමුණ වේ.

No comments:

Post a Comment